අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වූ චාලි කර්ක්ට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ’ ඡායාරූප පෙළක් FBI සංවිධානය විසින් මේ වනවිට මාධ්‍යයට නිකුත් කාර තිබෙනවා
මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන අධි බලැති රයිෆලයක් එරට පොලීසිය විසින් මේ වනවිටත් සොයා ගත්තද, ඝාතකයා පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
31 හැවිරිදි චාලි කර්ක්, යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් සඳහා එක්ව සිටියදී ඔහුගේ ගෙල ආසන්නයට මෙම සාහසික වෙඩි ප්‍රහාරය එල්ල වුණා.
මෙම වෙඩි තැබීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනුණත්, පසුව ඔවුන් මුදාහැරුණා.