කැනඩාවේ නව නීති සහ සීමා හේතුවෙන් මෙම වසරේ මුල් මාස 6 තුළ කැනඩාවට නව විදේශීය සේවකයන් සහ ශිෂ්‍යයන් පැමිණීම දැඩි ලෙස අඩු වී තිබෙනවා.
2024 සැප්තැම්බර් 26 සිට ක්‍රියාත්මක වූ නව සීමා හඳුන්වා දීම ඊට බලපා ඇති ප්‍රධාන හේතු බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ් අනුව විදේශීය ශිෂ්‍යයින් සදහා ලබා දෙන Study Permits ප්‍රමාණය පසුගිය ජුනි මාසයේදී සියයට 70 ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
2024 සැප්තැම්බර් 26 සිට ක්‍රියාත්මක වූ නව සීමා හඳුන්වා දීම් යටතේ කර්මාන්ත ශාලා සදහා අඩු වැටුප් සේවකයින් (Low-Wage Workers) සියයට 10 ක් පමණක් බඳවාගැනීමට ඉඩ දී ඇති තිබු අතර රැකියා වියුක්තකයින් (Unemployment ) සියයට 6 ට වැඩි ප්‍රදේශවලට රැකියා කිරීමට අවසර (Work Permit ) ලබා නොදීය යුතු බව සදහන් කර තිබුනා.
ඊට අමතරව, 2024 නොවැම්බර් 8 සිට ඉහළ වැටුප් කාණ්ඩයට අයත් තනතුරු සඳහා අවශ්‍ය වැටුප් සීමාව වැඩි කර තිබු අතර Temporary Foreign Worker Program (TFWP) යටතේ විදේශීය සේවකයන්ගේ සංඛ්‍යාව 2027 වන විට 5% ට අඩු කිරීමට කැනඩා රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම විදේශීය ශිෂ්‍යයන්ගේ සහකරුවන්ට සහ තාවකාලික සේවකයන්ගේ සහකරුවන්ට සේවා අවසර ලබාදීමේ නීති ද දැඩි කර ඇති බව සදහන්.
කෙසේ වෙතත් කැනඩා රජයේ මෙම නවනීති සහ සීමා හේතුවෙන් විදේශීය ශිෂ්‍ෂ්‍යන්ට දැඩි බලපෑමක් සිදුව ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
එහෙත් කැනඩා රජයේ බලාපොරොත්තු වී ඇත්තේ විදේශීය සේවකයන් හා ශිෂ්‍යයන්ගේ ගණන තවදුරටත් පහළ දැමීම බව වාර්තා සදහන් කරනවා.