2025 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා චීනයේ නිෂ්පාදිත සහ අලෙවි වූ මෝටර් රථ සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නවතම වාර්තාවන්ට අනුව නිෂ්පාදිත මෝටර් රථ සංඛ්‍යාව 21,051,000ක් වූ අතර, අලෙවි කළ මෝටර් රථ සංඛ්‍යාව 21,128,000ක්.
මෙම සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂ ව පිළිවෙළින් 12.7%කින් හා 12.6%කින් වර්ධනය වීමක් බවයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඊයේ (11) පැවසුවේ.
නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය ද වෙන් වෙන් ව 9,625,000ක් හා 9,620,000ක් වනවා.
එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී පිළිවෙළින් 37.3%ක හා 36.7%ක වැඩි අගයක් ගැනීම ද විශේෂත්වයක්.
වසරේ මුල් මාස 8 තුළ, අපනයනය කෙරුණු නව බලශක්ති මෝටර් රථ සංඛ්‍යාව ද 1,532,000ක් වූ අතර, එය ද වාර්ෂිකව 87.3%කින් වර්ධනය වීමත් කැපී පෙනෙන්නක් වනවා.