Latest News

සිංහයන් කණ්ඩායමක් එක්ව සිදු කළ භයානක වැඩක් නිසා සෆාරි උද්‍යානයක් හදිසියේම වසා දමයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයේ බැංකොක්හි Safari World සත්වෝද්‍යානයේ සිංහයන් විසින් සත්ව පාලකයෙකුට පහර දී මරා දමා තිබෙනවා.

එරට වාර්තා පවසන්නේමෙම සිදුවීම සංචාරකයින් ඉදිරියේ සිදුවී ඇති බවයි.

පසුව වනජීවී දෙපාර්තමේන්තුව විසින් එහි ධාවන කලාපය (drive-in zone) නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු වන තුරු ධාවන කලාපය මෙලෙස වසා තබන බවයි.

මෙම සිදුවීම බැංකොක්හි ක්ලොන්ග් සම් වා දිස්ත්‍රික්කයේ Safari World හිදී ඊයේ දහවල් 12ට පමණ සිදුව තිබෙනවා.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි සත්වෝද්‍යාන අධීක්ෂකවරයෙකු වූජියන් රංඛරාසාමියි.

ඔහු තම වාහනයෙන් බැස, දොර විවෘතව තබා, ප්‍රදේශයේ සතුන් අධීක්ෂණය කරමින් සිටියදී ඔහුට පිටුපසින් සිංහයෙකු පහර දී තිබුණා.

බියට පත් වූ සංචාරකයින් තම මෝටර් රථ තුළ සිටියදී, තවත් සිංහයන් කිහිප දෙනෙකු ඉක්මනින් පැමිණ පහරදීමට එක් වී ඇති බව එරට වාර්තාවල දැක්වෙනවා.

සිංහයන් විනාඩි 15ක් පමණ මෙම පුද්ගලයාට පහර දී තිබෙනවා.

පසුව තවත් සත්ව පාලකයෙකු වන ඔහු වෙත ළඟා වී ආරක්ෂිත ස්ථානයකට ඇදගෙන ගිය නමුත්ජියන් රෝහලට ගෙන ගියද තුවාල හේතුවෙන් මියගිය බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

මෙම ප්‍රහාරය සිංහයන්ට ආහාර දෙන වේලාවේදී සිදුවන්නට ඇති බවත් සිංහයන්ගෙන් එක් සිංහයකු හොඳ මානසිකත්වයකින් නොසිටින්නට ඇතැයි අනුමාන කරන බවයි බලධාරින් පවසා ඇත්තේ.

මෙම සිද්ධියෙන් පසු, බලධාරීන් සත්වෝද්‍යානයේ සිංහයන් සන්තකයේ තබා ගැනීමට ඇති බලපත්‍ර සහ වාර්තා පරීක්ෂා කරනවා.

නිල වාර්තා අනුව, සත්වෝද්‍යානයට සිංහයන් 45ක් තබා ගැනීමට බලපත්‍ර තිබූ අතර, ඉන් 13ක් මිය ගොස් තිබුණා.

උද්‍යානයට පැමිණෙන අමුත්තන්ට ධාවන කලාපයේ සිටින විටසෑම විටම තම මෝටර් රථ තුළ රැඳී සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා.

World News

Send your contact Details Today