Latest News

ට්‍රම්ප්ගේ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ, තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වන චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුරයි.

අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලී කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලනවා.

31 හැවිරිදි වියේ පසු වූ චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පල කර තිබෙනවා.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ධජ ලබන ඉරිදා සවස 6.00 වන තෙක් අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර අමෙරිකානු බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today