මාරාන්තික මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමෙන් පසු සිඩ්නි වෙරළ තීර කිහිපයක් වසා දමා තිබෙනවා.
සිඩ්නි නගරයේ Long Reef Beach වෙරළ තීරයේදී surfing කරමින් සිටියදී සිදු වූ මෝර ප්‍රහාරයකින් 57 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
එම වෙරළ තීරය මේ වනවිටත් net එකකින් ආරක්ෂා කර ඇති අතර net එක තුළට මෝරෙකු ඇතුළු වූයේ කෙසේදැයි පරීක්ෂණ පවත්වන බවයි NSW අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් (Chris Minns) පවසන්නේ.
ඒ අනුව Dee Why wold වෙරළ පැය 72 ක් දක්වා වසා දමා ඇති බවයි Surf Life Saving Club නිලධාරීන් පවසන්නේ.
එමෙන්ම වෙරළ කිහිපයක shark nets ඉවත් කිරීමට NSW රජය සැලසුම් කර තිබූ අත්හදා බැලීමේ ව්‍යාපෘතිය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මේ අතර Freedom of information laws හරහා ලබාගත් ලේඛනවලින් හෙළිවී ඇත්තේ ඩොල්ෆින්, කැස්බෑවන් සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති grey nurse sharks ඇතුළු මුහුදු ජීවීන් 200 කට අධික සංඛ්‍යාවක් පසුගිය ගිම්හානයේදී දැල් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
ඩොලර් මිලියන 21.5 ක shark safety initiative කොටසක් ලෙස නිව් සවුත්වේල්ස් රාජ්‍යය වාර්ෂිකව සෑම ගිම්හානයකම වෙරළ තීරයේ ඉහළට සහ පහළට දැල් සවි කරන අතර, drumlines, drone නිරීක්ෂණ සහ සවන්දීමේ ස්ථාන ද සවි කරනු ලබනවා.
1951 වසරේ සිට NSW වෙරළ තීරයක මාරාන්තික මෝර ප්‍රහාරයක් සිදුවී නොමැති බවටයි තොරතුරු පවතින්නේ.