Latest News

විෂ බිම්මල් යොදා ගනිමින් සිදු කළ සුප්‍රසිද්ධ ඝාතනයේ සැකකාරියට වසර 33 කට පසුව දඬුවම්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ දී විෂ බිම්මල් යොදා ගනිමින් සිදු කළ සුප්‍රසිද්ධ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන එරින් පැටර්සන්ට වසර 33 ක සිර දඬුවමක් නියම වුණා.

විෂ සහිත බිම්මල් අඩංගු ආහාර වේලක් තම අනියම් සැමියාගේ වැඩිහිටි ඥාතීන් තිදෙනෙකුට කැවීමට සලස්වා ඔවුන් ඝාතනය කිරීමේ චෝදනාවට‍යි සැකකාරිය වරදකරු කිරීමට කටයුතු කර ඇත්තේ.

එරින් පැටර්සන්ට මෙලෙස ලබා දුන් වසර 33 ක සිර දඬුවම ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලබා දී ඇති දීර්ඝතම සිර දඬුවම ද වනවා.

විෂ සහිත බිම්මල් මිශ්‍ර කළ මස් සහිත ආහාරයක් ඇය සිය නැන්දම්මා වන ගේල් පැටර්සන්, මාමණ්ඩිය වන ඩොනල්ඩ් පැටර්සන් හා අනියම් සැමියාගේ සහෝදරිය වන හෙදර් විල්කින්සන් ට ලබා දී ඔවුන් ඝාතනය කළා.

මෙම චෝදනාවට පැටර්සන් පසුගිය ජූලි මාසයේදී වැරදිකරු කිරීමට අධිකරණය තීන්දු කළා.

මෙල්බර්න් සිට කිලෝමීටර් 135ක් ගිනිකොන දෙසින් පිහිටි ලියොන්ගාතා නගරයේ දී මෙය සිදුව තිබුණේ 2023 වසරේදීයි.

සිද්ධියෙන් දිවි ගලවා ගත් හෙදර්ගේ අනියම් සැමියා වන ඉයන් විල්කින්සන් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද ඇය වැරදිකරු බව ජූරි සභාව තීරණය කළා.

World News

Send your contact Details Today