වොෂින්ටනය සහ වෙනිසියුලාව අතර උත්සන්න වන ගැටුම් මධ්‍යයේ, වෙනිසියුලානු F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් ජාත්‍යන්තර මුහුදේ එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් අසලට පියාසර කිරීම ඉතා ප්‍රකෝපකාරී පියවරක් බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ජේසන් ඩන්හැම් නම් එක්සත් ජනපද නෞකාවට ඉහළින් වෙනිසියුලානු ගුවන් යානය පියාසර කිරීම, එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය විරෝධී ත්‍රස්ත මෙහෙයුම්වලට බාධා කිරීමේ උත්සාහයක් ලෙසත්, මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නතර කරන ලෙසයි පෙන්ටගනය ප්‍රකාශ කර ඇත්තේ.
වෙනිසියුලාවේ සහ කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාටල් ක්‍රියාත්මක වන බවත්, ජනාධිපති මදුරෝ ඒවාට සමීප සම්බන්ධතා පවත්වන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය චෝදනා කර ඇති නමුත්, මේ සඳහා එක්සත් ජනපදය මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අසමත් වී තිබෙනවා.
මදුරෝගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධතා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයෙකුට එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 100ක ත්‍යාගයක් පිරිනැමීමටත් නිවේදනය කර තිබෙනවා.
