Latest News

පාකිස්තානයේ දේශපාලන රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ දේශපාලන රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බලුකිස්තාන් ජාතික පක්ෂයේ සාමාජිකයින් සිය ගණනක් රැස්ව සිටි ක්වෙටා හි ක්‍රීඩාංගණයකට එලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරකයා විසින් කිලෝග්‍රෑම් අටක බරින් යුත් පුපුරන ද්‍රව්‍ය රැගත් බෝම්බයක් ගෙනවිත් ඇති බවටයි වාර්තා වන්නේ.

හිටපු මහ ඇමතිවරයෙකු වන සර්දාර් අටවුල්ලා මෙන්ගල් වෙනුවෙන් සිදු කල අනුස්මරණ දිනය වෙනුවෙන් එම රැලිය සංවිධානය කර තිබෙනවා.

මෙම පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ සිදු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේවෙතත් ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කණ්ඩායමක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බවට පවසා තිබෙනවා.

ක්වෙටා යනු ඇෆ්ගනිස්ථානය සහ ඉරානය මායිම්ව පිහිටි නොසන්සුන්කාරී බලුකිස්තාන් පළාතේ අගනුවරයි.

ඉස්ලාමීය සටන්කාමීන් සහ බෙදුම්වාදී කැරලිකරුවන් යන දෙපාර්ශවයම එම කලාපයේ ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today