Latest News

ඇල්ල මාරක බස් රථ අනතුර ගැන බොරු පුවතක් පිළිබඳව පොලීසියෙන් දැනුම්දීමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙක් ද මියගොස් ඇති බවට සමාජ මාධ්‍යයේ විවිධ පුවත් හුවමාරු වනවා.

කෙසේ වෙතත් එලෙස මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි කිසිඳු පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්ව නොමැති බවයි ඇල්ල පොලිසිය තහවුරු කළේ.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මේ අතර මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය තහවුරු කළේ.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ දී ප්‍රපාතයකට පෙරළී ඊයේ (04) රාත්‍රී 9.20ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

මේ අත ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවු බස් අනතුරෙන් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා, කුඩා දරුවන් 02 ක්, බස් රථයේ රියදුරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 12ක් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

World News

Send your contact Details Today