කැරිබියන් මුහුදේ බෝට්ටුවකට අමෙරිකා හමුදා එල්ල කළ ප්‍රහාරය ජාත්‍යන්තර මානව හිමිකම් සහ සමුද්‍රීය නීතිය උල්ලංඝනය කිරීමක් විය හැකි බව ජාත්‍යන්තර නීති විශේෂඥයන් පවසා තිබෙනවා.
වෙනිසියුලාවෙන් පිටත්ව ගිය බව කියන යාත්‍රාවක් කැරිබියන් මුහුදේ දී අමෙරිකා හමුදා විසින් විනාශ කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා නිවේදනය කළා.
අමෙරිකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ මෙම යාත්‍රාවට එල්ල කළ ප්‍රහාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු මිය ගිය බව ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත් මෙය ජාත්‍යන්තර මානව හිමිකම් සහ සමුද්‍රීය නීතිය උල්ලංඝනය කිරීමක් බවට ජාත්‍යන්තර විශ්ලේෂකයන් / නීති විශේෂඥයන් මත පළකර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.