Latest News

ට්‍රම්ප් දැඩි ලෙස කෝපයට පත්වී සිටින බවට වාර්තා වෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උදහසට ලක් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ චීනය සිය සමීපතම රාජ්‍ය නායකයින් සමග එක්වී සිදු කළ හමුදා පෙලපාලිය හේතුවෙන්.

ට්‍රම්ප් දැඩි ලෙස කෝපයට පත්වී සිටින්නේ චීනයේ, රුසියාවේ සහ උතුරු කොරියාවේ සමගි සන්ධානය හමුවේ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්, එම රටවල් අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ට්‍රම්ප් චෝදනා කර තිබුණා.

එමෙන්ම සම්මුඛ සාකච්ඡාවක්දී ට්‍රම්ප් පවසා ඇත්තේ මෙතෙක් ලෝකයේ පැවති ශක්තිමත්ම හමුදාව අමෙරිකාව සතුව ඇති බැවින් චීනය කිසි විටෙකත් ඔවුන්ගේ හමුදාව අමෙරිකාව සඳහා භාවිත නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

World News

Send your contact Details Today