Latest News

සුවිශේෂී කුරුළු බිත්තරයක් නිසා ක්‍රීඩාංගණයක් මාසයකට වැසෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැන්බරාහි ජෙරාබොම්බෙරා ප්‍රාදේශීය ක්‍රීඩාංගණය (Jerrabomberra Regional Sports Complex) මාසයක කාලයකට වසා දමා තිබෙනවා.

ඒ Plover කිරිල්ලියක බිත්තර දැමීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ක්‍රිකට් සහ ෆුට්බෝල් ක්‍රීඩාංගණයක් වන එහි මැද රේඛාවේ මෙම කිරිල්ලිය බිත්තර දමා ඇති බවයි වාර්තා වන්නේ.

New South Wales ජාතික වනෝද්‍යාන සහ වනජීවී සේවය (NSW National Parks and Wildlife Service) උපදෙස් දී ඇත්තේ බිත්තර ඉවත් නොකරන ලෙසයි.

එබැවින්, එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා වෙනත් ක්‍රීඩාංගණවලට යොමු කර තිබෙනවා.

බිත්තරවලින් පැටවුන් බිහි වන තුරු හෝ NPWS අනුමැතිය ඇතිව ඒවා වෙනත් ස්ථානයකට ප්‍රවේශමෙන් ගෙන යාමට හැකි වන තුරු, ක්‍රීඩාංගණය භාවිතා කිරීමට නොහැකි වී ඇතැයි ස‍ඳහන්.

මේ අතර Queanbeyan-Palerang ප්‍රාදේශීය කවුන්සිලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ කුඩා දුර ප්‍රමාණයකට කූඩුව ගෙනයාමට NPWS විසින් බලපත්‍රයක් ලබා දී ඇති බවයි.

Plover ඔවුන්ගේ පැටවුන් සම්බන්ධයෙන් ආක්‍රමණශීලී ස්වභාවයක් දක්වන ස්වදේශික පක්ෂියෙකු ලෙස ප්‍රසිද්ධයි.

ඔවුන් තම බිත්තර සහ පැටවුන්ට වඩා සමීප වන පුද්ගලයින් හෝ සතුන් වෙත වේගයෙන් පියඹාවිත් පහර දෙනු ලබනවා.

World News

Send your contact Details Today