ඊශ්‍රායලය විසින් ඇති කරන ලද සාගතයෙන් ගෙවී ගිය පැය 24 තුළ ගාසා තීරයේ පුද්ගලයන් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අතර ළමුන් තිදෙනෙක් ද වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි අගෝස්තු මාසයේ දී ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් පුද්ගලයින් 185ක් මියගොස් තිබෙනවා.
ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ඊයේ (02) නිකුත්කරන ලද ප්‍රකාශනය පරිදි පසුගිය මාසයේ ගාසා තීරයේ සමහර ප්‍රදේශ පූර්ණ සාගතයකට මුහුණ දී ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු ළමුන් 15ක් ඇතුළුව 83කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්.
වයස අවුරුදු පහට අඩු ළමුන් 43,000ක් සහ ගැබිණි සහ කිරි දෙන මව්වරුන් 55,000කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ගැබිණි කාන්තාවන්ගෙන් තුනෙන් දෙකක් රක්තහීනතාවයෙන් පෙළෙන අතර එය වසර ගණනාවක් තුළ ඉහළම අනුපාතය බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය මන්දපෝෂණයෙන් වැඩිම අවදානමට ලක්ව ඇත්තේ මව්වරුන් සහ අලුත උපන් දරුවන් බවයි පෙන්වා දී ඇත්තේ.