‘ඩිං ඩොං ඩිච්’ (ding dong ditch) නමැති සුලබ විනෝද ක්‍රීඩාවක යෙදී සිටි 11 හැවිරිදි පිරිමි ළමයකු ටෙක්සාස්හි හූස්ටන් නගරයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පසුගිය සති අන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මිතුරන් පිරිසක් සමඟ සෙනසුරාදා රාත්‍රියේ නිවසක දොර සීනුව නාද කර පලා යමින් සිටියදී මෙම පිරිමි ළමයා වෙඩි තැබීමට ලක්ව ඇති බව හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.
“ඩිං ඩොං ඩිච්” යනු දරුවන් අතර ඉතා ජනප්‍රිය විනෝද ක්‍රීඩාවක් වන අතර, එහිදී ඔවුන් නිවසක දොරට තට්ටු කර හෝ සීනුව නාද කර දොර විවෘත කිරීමට පෙර පලා යන අතර මෑත වසරවලදී, සමාජ මාධ්‍ය හරහා මෙම ක්‍රීඩාව තවත් ජනප්‍රිය වී තිබෙනවා.
අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී, දොර සීනුව නාද කිරීමෙන් පසු පිරිමි ළමයෙකු නිවසෙන් දුව යනු දුටු බවට සාක්ෂිකරුවෙක් පොලිසියට පවසා තිබෙනවා.
පසුව, ඔහුට වෙඩි තැබීම සිදුව ඇති බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කර ඇති නමුත්, ඔහුට තවමත් චෝදනා ගොනු කර නැති බව පොලිසිය පවසනවා.
පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක අතර, ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකිද යන්න තීරණය කිරීමට පොලිසිය නීතිපති කාර්යාලය සමඟ කටයුතු කරමින් සිටිනවා.
හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් පිළිබඳ රහස් පරීක්ෂක සාජන් මයිකල් කැස් පවසා ඇත්තේ, මෙම වෙඩි තැබීම නිවසට නුදුරින් සිදුව ඇති බැවින් එය ආත්මාරක්ෂාව සඳහා සිදුකළ එකක් ලෙස නොපෙනෙන බවත්, ඒ නිසා එය බොහෝ දුරට මිනීමැරුම් චෝදනාවක් වනු ඇති බවයි.