ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ්, හෙට (03) සිට 05 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙය දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන ඉහළම මට්ටමේ සංචාරය වෙනවා.
ඇයගේ සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමග එක්ව ශ්‍රී ලංකා – ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසියේ සම – සභාපතිත්වය දරනවා.
එසේම, දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද මෙම සංචාරය අතරතුරදී නියමිත අතර, ඒ ඔස්සේ දෙරට අතර සංවාදය සඳහා ව්‍යුහගත රාමුවක් සපයනු ඇති බවටයි සඳහන් වෙන්නේ.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 වසරේදී ස්ථාපිත කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.