Latest News

හම්බන්තොට චීන වරායේ අලුත් කොරල් පරෙන්, අලුත් මාළු මතුවෙයි (PHOTOS)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හම්බන්තොට වරායේ දියකඩනය ආශ්‍රිත ආරක්ෂිත ස්ථානයක වැඩෙන කොරල් පරයක් ජෛව විවිධත්වයෙන් ඉහළ ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

දිවයිනේ බහුලව දන්නා ගල්පරවල තවදුරටත් නිරීක්ෂණය නොවන මත්ස්‍ය විශේෂ අටක් පමණ පර්යේෂකයන් මෙම නව කොරල් පරය ආශ්‍රිතව සොයාගෙන තිබෙන බව සඳහන්.

හම්බන්තොට වරායේ කොරල් වාසස්ථානය තුළ වැලිගම, පොල්හේන සහ තලරඹ වැනි අනෙකුත් කලාපීය ස්ථාන අභිබවා ඉහළ විශේෂ විවිධත්වයක් පර්යේෂකයන් සොයා ගත් බව හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහයේ ප්‍රකාශයක දැක්වෙනවා.

අනෙකුත් ස්ථානවල සමාන අධ්‍යයනයන්හි නිරීක්ෂණය නොවූ විශේෂ අට අතර නිල් කොළ ක්‍රෝමිස් (ක්‍රෝමිස් විරිඩිස්), රෙඩ්ෆින් සමනල මාළු (චේටෝඩන් ලුනුලටස්) ඇතුළත් බව ද සඳහන් වනවා.

පර්යේෂකයන් ප්‍රමිතිගත පිහිනුම්-කාලානුරූපී සංක්‍රාන්ති ක්‍රමයක් භාවිත කළ අතර, මීටර් 0.5ත් 5ත් අතර ගැඹුරකින් මීටර් 5ත් 20ත් අතර ප්‍රදේශ ආවරණය කරමින්, පවුල සහ ආහාර හැසිරීම අනුව මාළුන්ගේ නිරීක්ෂණය කරන ලද ගණන් ලැයිස්තුගත කර තිබෙනවා.

හම්බන්තොට අභ්‍යන්තර බොක්ක ෂැනන්-වීනර් විවිධත්ව දර්ශක ලකුණු 2.3ක් පෙන්නුම් කළ අතර වැලිගම සඳහා එය 1.8ක් සහ පොල්හේන සඳහා 1.6ක් වනවා.

තවත් ස්ථානයක් වන තලරඹට ලැබුණේ ලකුණු 1.1ක් පමණයි.

ෂැනන්-වීනර් දර්ශකය (හෝ ෂැනන් දර්ශකය) යනු ප්‍රජාවක පාරිසරික විවිධත්වය මැනීමට භාවිත කරන ගණිතමය සූත්‍රයක්.

කෘෂිකර්මාන්තයෙන් පොහොර ගලා යෑමෙන් පෝෂණය වන බොහෝ ප්‍රදේශවල ඇල්ගී (මුහුදු පැලෑටි) අධික ලෙස වර්ධනය වීම නිසා කොරල් වර්ධනය අඩාල වන අතර ධීවර කටයුතු මඟින් ශාක අනුභව කරන මසුන් ප්‍රමාණය අඩු කරනවා.

ඔවුන් මුහුදු පැලෑටි අනුභවය අඩුවීමෙන් ගැටළුව තවත් උග්‍ර කරන බවයි ශ්‍රී ලංකාවේ සාගර විශ්වවිද්‍යාලයේ දේශන පවත්වන සමුද්‍ර විද්‍යාඥ එම් එෆ් එම් ෆයිරෝස් පවසසන්නේ.

එමෙන්ම පර්යේෂකයන් ට්‍රෙවලි (පැරෝ) සහ පොකිරිස්සන් වැනි ආර්ථික වශයෙන් වැදගත් මත්ස්‍යයන් ද නිරීක්ෂණය කර තිබෙනවා.

ගල්පරයේ ආරක්ෂාව යටතේ වර්ධනය වීමට පටන් ගත් හම්බන්තොට කොරල් වාසස්ථානයට අවම මිනිස් මැදිහත්වීම්, දැඩි ප්‍රමිතීන් නිසා අඩු දූෂණයට උපකාරී වනවා.

මීට අමතරව, හම්බන්තොට වරාය සංකීර්ණ කෘත්‍රිම ගල්පර ව්‍යුහයක් සහ සෞඛ්‍ය සම්පන්න ජල ප්‍රවාහයක් සහතික කරන විවෘත සාගර සම්බන්ධතාවක් ලබා දුන් බවයි සමාගම පැවසුවේ.

හම්බන්තොට වරායේ සිටින මසුන් අතරින් සියයට 34ක් පමණ ශාකභක්ෂකයන් වූ අතර, සියයට 58ක් මාංශ භක්ෂකයින් සහ සියයට 40ක් සර්ව භක්ෂකයින් වනවා.

World News

Send your contact Details Today