වයස අවුරුදු 40 න් පසුව ඇස් වල ඇති වන දුර්ලභ MacTel රෝගය සඳහා සොයා ගෙන ඇති ENCELTO ඉම්ප්ලෑන්ට් ප්‍රතිකාරය සඳහා TGA අනුමතියේ අවශ්‍යතාවය අවධාරණය කෙරෙනවා.
මෙම ENCELTO නැමති ප්‍රතිකාරය සදහා පසුගිය මාර්තු මාසයේදී ඇමරිකාවේ Food and Drug Administration (FDA) ආයතනය විසින් නිල වශයෙන් අනුමතිය හිමිවුණා.
එහෙත් ඔස්ට්‍රේලියානු Therapeutic Goods Administration (TGA) විසින් මේ ප්‍රතිකාරය පිළිබඳව මේ වනතෙක් අනුමැතිය ලබා දී නැහැ.
ඔස්ට්‍රේලියාවේ Lions Eye Institute පර්යේෂකයන් ද මෙම පරීක්ශන සදහා සහභාගීවු අතර ENCELTO ඉම්ප්ලෑන්ට් ප්‍රතිකාරය ඇසෙහි සෛල ආරක්ෂා කර දැක්ම දිගු කාලීනව සුරක්ෂිත කරන බවට ගවේෂණ වලින් හෙළි වු බවයි සඳහන් කර තිබුණේ.
MacTel නැමති දුර්ලභ ඇස් රෝගයට ENCELTO නැමති කුඩා ඉම්ප්ලෑන්ට් ශල්‍යකර්මය මඟින් CNTF නමැති ආරක්ෂක ප්‍රෝටීනය නිකුත් කෙරෙන අතර එමඟින් ඇසෙහි දැක්ම සපයන සෛල ආරක්ෂා වී දිගුකාලයක් ඇසෙහි පෙනීමට උදව් කරන කෙරෙන බවයි පර්යේශකයින් පෙන්වා දෙන්නේ.