ශ්‍රී ලාංකිකයින් ඇතුළු 12 දෙනෙකු මැලේසියා සහ තායිලන්ත දේශසීමා හරහා මැලේසියාවට ඇතුළු වීමට තැත් කිරීමේදී එරට මැලේසියානු දේශසීමා පාලන සහ ආරක්ෂණ ඒජන්සිය විසින් ආපසු හරවා එවා තිබෙනවා.
මෙම පිරිස ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක් මෙන්ම තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකුගෙන් සමන්විතයි.
වලංගු වීසා බලපත්‍ර නොමැතිවීම, අවශ්‍ය රැඳී සිටීමේ කාල සීමාවන්ට අනුකූල නොවීම සහ සැක සහිත සංචාරක අරමුණු හේතුවෙන් ඔවුන්ට එම දේශසීමාවෙන් මැලේසියාවට ඇතුළු වීමට අවස්ථාව හිමිවී නැහැ.
එහිදී ඇතුළු වීම ප්‍රතික්ෂේප කර ඇති එරට බලධාරීන් ඔවුන් වෙත නියෝග කර ඇත්තේ වහාම ආපසු සිය රටවල් බලා පිටත්ව යන ලෙසයි.
මෙම පිරිසට අපරාධකරුවන් හෝ බලාත්මක කිරීම් පරීක්ෂණ හඳුනාගෙන නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නැහැ.