Rhinovirus හෙවත් සාමාන්‍ය වෛරස් තත්වයක් මත ඇති ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙන පුද්ගලයකුට COVID-19 ආසාදනය වීමේ අවදානම අඩු බව පර්යේෂණයක දී හෙළි වී තිබෙනවා.
අමෙරිකාවේ National Jewish Health ආයතනයේ විද්‍යාඥයන් එය සොයාගෙන ඇති අතර අදාළ පරීක්ෂණයට පුද්ගලයින් 4,100 ක් පමණ සහභාගී කර තිබෙනවා.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සෙම්ප්‍රතිශ්‍යාව වැළදුන විට ශරීරයේ Interferon නමැති ප්‍රෝටීන නිපදවයි. එම ප්‍රෝටීනය මගින් තාවකාලිකව COVID-19 වෛරසය (SARS-CoV-2) ආසාදනය වීම අඩු කරන බවයි.
විශේෂයෙන්ම දරුවන් අතර මෙම ආරක්ෂාව වැඩි බව පෙනී ගොස්ය ඇති අතර දරුවන් වැඩිපුර සෙම්ප්‍රතිශ්‍යාවට ලක්වීමත් ඔවුන්ගේ ප්‍රතිරෝධක පද්ධතිය වැඩි සක්‍රීයවීමත් ඊට හේතුව බව විද්‍යාඥයන් සදහන් කරනවා.
නමුත් විද්‍යාඥයින් අවධාරණය කරන්නේ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳගනිමින් COVID-19 න් ආරක්ෂාව සෙවිය යුතු නැති බවයි.
කෙසේ වෙත් මෙම සොයාගැනීම අනාගතයේදී නව ප්‍රතිකාර හා ආරක්ෂක ක්‍රම සංවර්ධනයට දායක විය හැකි බවද ඇමරිකාවේ National Jewish Health ආයතනයේ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.