Latest News

1938 සිට අමෙරිකාවේ තිබූ විශේෂ රෙගුලාසියක් අද සිට ඉවතට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවට ආනයනය කරනු ලබන අමෙරිකානු ඩොලර් 800ක වටිනාකමැති හෝ ඊට අඩු අගයක් ගන්නා භාණ්ඩවලට තිබූ තීරු බදු නිදහස අද සිට ඉවත් කර තිබෙනවා.

එමෙන්ම එවැනි භාණ්ඩ පාර්සල් රේගුවේදී දැඩි අධීක්ෂණයට ද ලක්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 64ක පමණ බිලියන 1.4ක් වන භාණ්ඩ පාර්සල් අමෙරිකාවට පැමිණ තිබුණා.

මේ සියල්ල අමෙරිකාව තුළට පැමිණ තිබුණේ තීරු බදු අයකිරීමකින් තොරව De minimis exemption යන රේගු රෙගුලාසියට අනුවයි.

මෙය 1938 සිට ක්‍රියාත්මක නීතියක්.

ට්‍රම්ප්ගේ නව තීරණය එරට කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යපාරවලට දැඩි බලපෑමක් ඇති කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

නව පියවර හේතුවෙන් අමෙරිකාව තුළ සාප්පු සවාරි යන පාරිභෝගිකයන්ට තරමක් වැඩිපුර මුදල් ගෙනයාමට සිදුවනු ඇති බවට එරට වාර්තා පවසනවා.

World News

Send your contact Details Today