Latest News

ඊශ්‍රායල ආරක්ෂක අංශ, සිරියාවේ මෙහෙයුමක

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල ආරක්ෂක අංශ සිරියාවේ නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඩමස්කස් නගරයට ආසන්න ස්ථාන කිහිපයක් ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගොඩබිම සහ ගුවන් මෙහෙයුම් සිදු කර ඇති බවයි සිරියා හමුදාව පවසන්නේ.

කෙසේ වෙතත් දෙරටේ ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන නැති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර මෙහෙයුම් සිදුකරන බවයි ඊශ්‍රායලය පවසන්නේ.

ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් මීට පෙර සිරියා සෙබලුන් හය දෙනෙක් මිය ගියා.

එම සිදුවීමෙන් අනතුරුවයි මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ.

එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට සිරියාව චෝදනා කරනවා.

World News

Send your contact Details Today