ඉන්දුනීසියාවේ ජකර්තා පොලිසිය, ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සමඟ එක්ව, ඉහළ පෙළේ සැකකරුවන් කිහිප දෙනෙකු ඇතුළු පාතාල සාමාජිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඒ අනුව අත්අඩංගුවට ගත් අය අතර බැකෝ සමන්, තෙම්බිලි ලහිරු, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සාලින්ද, පානදුර නිලංග සහ කාන්තා සහකාරියක් ද සිටිනවා.
ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ ඒකාබද්ධ මෙහෙයුම ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී සිදු වූ බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ජාත්‍යන්තර පොලිසිය (Interpol) ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිදුකළ බවට සැකකෙරෙන ඝාතන, බියවැද්දීම්, සහ මුදල් වංචා ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි පියවර ගනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.





