Latest News

අස්ගිරි අනුනායක තේරීමේ නිලවරණය හෙටයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙකෙන් මේ වනවිට පුරප්පාඩු වී තිබෙන අනුනායක ධුරයට සුදුසු හිමිනමක් පත්කර ගැනීම සඳහා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව හෙට දින (28) රැස්වීමට නියමිතව තිබෙනවා.

අනුනයක ධූරය හෙබවූ පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි අපවත් වීමෙන් එම ධූරය පුරප්පාඩු වුණා.

මේ වනවිට මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද නාහිමි අනුනායක පදවිය සඳහා ඉදිරිපත් වන බව සංඝ සභාවට දැනුම් දී තිබෙන බවද වාර්තා වෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවි දෙකක් පවතින අතර ඉන් එක් පදවියක වර්තමානයේ වැඩ සිටින්නේ පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන්ය.

World News

Send your contact Details Today