අව කාබන් පරිවර්තනය හා ජාතික කාබන් අලෙවි වෙළඳපොල ගොඩනැංවීම ශක්තිමත් කිරීම සඳහා චීනය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලයේ පොදු කාර්යාලය විසින් ඒකාබද්ධව එය නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ .
එම මාර්ගෝපදේශයට අනුව වසර 2027 වන විට කාබන් වෙළඳපොල රටේ ප්‍රධාන කර්මාන්ත අංශයම ආවරණය කෙරෙන අතර ජාතික ස්වෙච්ඡා හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ ගනුදෙනු වෙළඳපොල ද සියලු ප්‍රධාන අංශ දක්වා පුළුල් කෙරෙනවා.
වසර 2030 වන විට චීනය සීමාව හා වෙළඳාම් පද්ධතිය, ගෙවීම් රහිත හා සහිත යන කොටස් දෙකම පදනම් කර ගනිමින් ජාතික කාබන් ගනුදෙනු වෙළඳපොල සකස් කිරීමට පියවර ගනු ඇති බව සඳහන්.
ජාතික ස්වෙච්ඡා හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ ගනුදෙනු වෙළඳපොල මෙම වසරේදී සම්පූර්ණ කිරීමද සිදු කෙරෙනු ඇති බව ද එහි සඳහන් වනවා.
එය විශ්වසනීය, විනිවිද, තත්ත්වගත, පුළුල් සහභාගීත්ව හා ජාත්‍යන්තර නිර්ණායකයන් මත පදනම් වනු ඇති බව වැඩිදුරටත් සඳහන්.