අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාගත් ඇමතුම් 4කට පිළිතුරු දීම ඉන්දීය අගමැති මෝදි ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අද සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවට ආනයනය කරනු ලබන ඉන්දියානු භාණ්ඩ සඳහා වන බදු 50%ක ඉහළ දමා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.
මේ බව මුලින්ම අනාවරණය කර ඇද්දේ ජර්මනියේ පුවත් වෙබ් අඩවියක් විසින්.
පසුව ඉන්දීය මාධ්‍යවල ද මේ බව වාර්තා කර තිබෙනවා.
එසේවුවද මෙම පුවත තහවුරු කිරීමට වොෂිංටනය හෝ නවදිල්ලිය ඉදිරිපත් වී නැහැ.
පසුගිය 24 වැනිදා ජපාන වාර්තාවකින් ද මේ බව කියැවුණා.
මෙම ඇමතුම් ට්‍රම්ප් විසින් ලබාගෙන තිබුණේ අවස්ථා 4කදී බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.