Latest News

ඔස්ට්‍රේලියාවේ, ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස දැනුම්දීමක් – හේතුව මෙන්න

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බවට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ හේතුවෙන් දින 7ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත්තේ, මෙම සිදුවීම් දෙක සමාජ සහජීවනය අඩපණ කිරීමට සහ ප්‍රජාව තුළ අසමගිය වැපිරීමට ගත් උත්සාහයක් බවයි.

ඉරාන තානාපති අහමඩ් සඩේගි සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටව යන මෙලෙස නියෝග කර ඇති අතර ටෙහෙරානයෙන් ද තම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today