Latest News

චීනය සමඟ විශිෂ්ට සබඳතාවක් ගොඩනගා ගැනීමට ට්‍රම්ප් කරන්න යන දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසර තුළදී හෝ ඉතා ආසන්න කාලයකදී චීනයට පැමිණීමට අපේක්‍ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

චීනය සමඟ විශිෂ්ට සබඳතාවක් ගොඩනගා ගැනීමට අපේක්‍ෂා කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් හමුවීමෙන් පසු වොෂිංටනයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ලොව විශාලතම ආර්ථිකයන් දෙක හිමි අමෙරිකාව සහ චීනය අතර මෙම වසරේදී උණුසුම් තත්ත්වයන් මතුවෙමින් පැවතුණා.

ඒ, රටවල් දෙකම එකිනෙකාගේ අපනයන සඳහා ඉහළ තීරුබදු පැනවීමට තීරණය කිරීමත් සමඟයි.

එක් අවස්ථාවකදී එලෙස පැනවූ තීරු බදු අනුපාත ඉලක්කකම් තුනක අගයක් ගෙන තිබුණා.

ඒ අනුව බොහෝ ආනයනකරුවන් දෙරටේ රජයන් අදාළ ගැටලු විසඳා ගන්නා තෙක් භාණ්ඩ නැව්ගත කිරීම් අත්හිටුවීම හේතුවෙන් සැපයුම් දාමයක් බිඳවැටීමේ අවදානමක්ද එම අවස්ථාවේදී මතුව තිබූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් අවසානයේදී සිය තීරු බදු අනුපාත සියයට 30දක්වා පහත හෙළීමට තීරණය කළ අතර චීනය අමෙරිකාවට පැනවූ තීරු බදු සියයට 10 දක්වා අඩු කිරීමට තීරණය කළා.

අමෙරිකානු ජනාධිපතිවරයා චීනයේ සංචාරය කීරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත්තේ පැවති වෙළඳ ගැටලු දෙරට විසින් යම් මට්ටමකට විසඳාගෙන ඇති පසුබිමක් තුළයි.

World News

Send your contact Details Today