ගාසා හි රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහා සේවය කරන මාධ්‍යවේදීන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නසාර් රෝහලේ ප්‍රහාරයෙන් මියගිය අය අතර රොයිටර් කැමරා ශිල්පියෙකු සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදියෙකු ද වන බව සඳහන්.
අනෙක් මාධ්‍යවේදීන් දෙදෙනා අල් ජසීරා සහ එන්බීසී සඳහා සේවය කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.