Latest News

අඹ කෑම නිසා රුධිරයේ සීනි ප්‍රමාණයට සිදුවන වෙනසක් ගැන නවතම පර්යේෂණයකින් හෙළි වූ දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අඹ කෑම, රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ දී කළ පර්යේෂණයක තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව සායනික පර්යේෂණවලට අනුව, දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි, පාලනයක් සහිතව අඹ, මධ්‍යස්ථව පරිභෝජනය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටමට අහිතකර බලපෑමක් ඇති නොවන බවට හෙළි වී තිබෙනවා.

එමෙන්ම අඹ ආහාරයට ගැනී‌ම මඟින් දියවැඩියා රෝගය පාලනය කිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් පවත්වාගෙන යෑම සඳහා ප්‍රයෝජනවත් විය හැකි බව ද හෙළිව තිබෙනවා.

ඉන්දියාවේ වැඩිහිටියන්ගෙන් මිලියන 77කට දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර, ඉන් මිලියන 25 ක් අධිදියවැඩියා තත්ත්වයෙන් පීඩාවිඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල සඳහන්.

මෙම රෝගීන්ට පාලනයක් සහිතව අඹ ආහාරයට ගතහැකි බව එම වාර්තාවල සඳහන් වනවා.

World News

Send your contact Details Today