පර්ත් සිට බාලි වෙත යමින් සිටි AirAsia ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබෙනවා.
AirAsia QZ545 ගුවන් යානයේ එන්ජිමෙන් ගිනි දැල් හටගැනීමෙන් පසු යානය පර්ත් ගුවන් තොටුපළට හරවා යැවීමට ගුවන් නියමුවන්ට සිදුවුණා.
ගුවන් නියමුවා රොට්නස්ට් දූපත අසළ රවුම් ලෙස පියාසර කර ඉන්ධන දහනය කරමින් එන්ජිමේ ගැටළු වලින් පසු යානය ආරක්ෂිතව ගුවන් තොටුපළ වෙත ගොඩබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කාලය තුළ, කැබින් එකේ විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවී ගොස් තිබූ බවද වාර්තා වනවා.
මගීන් මාධ්‍යයට පවසා ඇත්තේ එය පළමුවෙන්ම අකුණු සැරයක් ලෙස සිතූ අතර පසුව එය පිපිරුම් සහිතව ගිනි දැල් නැගෙන්නට පටන් ගත බවයි.
පර්ත් ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසුවේ අද උදෑසන මගීන් ගුවන් ගමන් දෙකකට නැවත කාලසටහන්ගත කළ බවයි.

