අමෙරිකානු තීරුබදු නිසා ඇති වූ අවිනිශ්චිතතාවය සහ බාධා හේතුවෙන් චීනයේ ඇඟලුම් සහ විලාසිතා අංශයට දැඩි පහරක් එල්ල වී ඇති අතර, එය කර්මාන්තශාලා වැසීයාමට, රැකියා අහිමිවීමට සහ අපනයන පහත වැටීමට හේතු වී තිබෙනවා.
2025 මැයි මාසයේදී, චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඇඟලුම් ආනයනයේ වටිනාකම පසුගිය වසර 22 තුළ අවම මට්ටමට පහත වැටුණා.
ඉහළ තීරුබදු පසුබිමක ඇමරිකානු සිල්ලර වෙළෙන්දෝ වියට්නාමය, බංගලාදේශය, ඉන්දියාව සහ අනෙකුත් රටවලට මාරු වීම ඊට බලපා තිබෙනවා.
වසර කිහිපයකට පෙර විශාලතම ඇඟලුම් සැපයුම්කරු වූ චීනය මෙතෙක් අඩුම අපනයනය අත්දකිමින් සිටිනවා.
මේ වසරේ මැයි මාසයේදී ඇමෙරිකාවට චීන ඇඟලුම් අපනයනය සියයට 9.9 ක් පමණයි.
ඇඟලුම් සමාගම් එක්සත් ජනපද වෙළඳපොළ සඳහා ඔවුන්ගේ මූලාශ්‍ර ක්‍රමානුකූලව ප්‍රතිව්‍යුහගත කරමින් සිටින අතර, චීන සමාගම්වලින් ලද ඇමරිකානු ඇඟලුම් ආනයන කොටස පසුගිය මාස 12 තුළ 21.0% දක්වා පහත වැටී ඇති අතර එය 2017 දී සියයට 33.8 ක් වුණා.