Latest News

තවත් අමෙරිකානු ගුවන් යානයක, ගුවනේදී හදිසි තත්ත්වයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ Delta Air Lines සමාගමේ Boeing 737 යානයේ හදිසි තත්ත්වයක් හටගත්තා.

යානයේ වම් පියාපතේ කොටසක් ගුවනේදී කැඩී ගොස් ඇති අතර ඉන් මගීන් දැඩි භීතියට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය 19 වනදා Orlando සිට Austin නගරයට ගමන් කළ DL 1893 ගුවන් යානයේ ද මෙවැනි සිද්ධියක් වාර්තා වුණා.

මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩල 6ක් සමගයි එම යානය ගමන් කරමින් තිබුණේ.

මගීන්ගේ වීඩියෝවල දැක්වුණේ, පියාපත් flap කොටසක් ගුවනේ වේගයෙන් පැද්දෙමින් තිබූ ආකාරයයි.

කෙසේවෙතත් ගුවන්යානය Austin ගුවන්තොටුපලට ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.

Delta සමාගම පවසන්නේ, යානය සේවයෙන් ඉවත් කර නඩත්තු කටයුතු ආරම්භ කර ඇති බවයි.

මේ අතර ෆෙඩරල් ගුවන් සේවා ආයතනය (FAA) ද මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරනවා.

World News

Send your contact Details Today