Latest News

ගාසා අත්කර ගැනීමේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ එහි වැසියන් ලක්ෂ ගණනකට අත් වූ අවාසනාවන්ත ඉරණම

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා නගරය අත්පත් කර ගැනීම සඳහා ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ පලස්තීන ජාතිකයින් ලක්ෂ ගණනක් ගාසා නගරයෙන් පලා යන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊශ්‍රායල හමුදාව සැලසුම් කර පරිදි ගොඩබිම් ප්‍රහාරයක පළමු අදියර ආරම්භ කිරීමෙන් පසුව ගාසා වැසියන් එලෙස පලා යමින් සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන නොතකා ගාසා නගරය අල්ලා ගැනීමේ සැලැස්ම ඉදිරියට ගෙන යන බව ඇඟවීමට ඊශ්‍රායලයට අවශ්‍ය වී තිබෙනවා.

පවත්නා තත්ත්වය හේතුවෙන් ගාසා වැසියන් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

ඊශ්‍රායල ප්‍රහාරවලින් සහ කුසගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් ඇති බවද අල්ජසීරා පුවත් සේවය වාර්තා කළා.

ඉකුත් පැය 24 තුළ කුසගිනි හේතුවෙන් පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් ඇති අතර යුද ගැටුම් සමග පවතින ආහාර හිඟය නිසා දරුවන් 112 දෙනෙකු ද ඇතුළුව පලස්තීනුවන් 269 දෙනෙකු මියගොස් ඇති බවයි අල්ජසීරා පුවත් සේවයේ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මේ අතර හමුදා මෙහෙයුමක් මඟින් අනිවාර්යයෙන් ඇති කරන මරණ හා විනාශ වළක්වා ගැනීම සඳහා ගසා තීරය සටන් විරාමයකට එළඹීමේ අවශ්‍යතාව එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අවධාරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today