Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට Data ගාස්තුවලින් තොරව භාෂා තුනෙන්ම සහය ලබාගත හැකි AI Platform එක එළිදක්වයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සියලුම ඩයලොග් පාරිභෝගිකයින්ට නොමිලේ පිවිසීමේ හැකියාව සමග, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හඳුන්වා‌ දෙන, වඩාත් දේශීය වූ AI platform එක

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, AI තාක්ෂණයේ මහිමය මෙරට සියලු ශ්‍රී ලාංකිකයින් වෙත කැන්දමින් මෙරට ප්‍රථම වතාවට, භාෂා තුනෙන්ම සහය සලසන AI platform එක එළිදැක්වූ බව සතුටින් දැනුම් දෙයි. දිවයින පුරාම ජනතාවට තම ඉගෙනීමේ හා අනෙකුත් වැඩකටයුතු සඳහා, Data ගාස්තුවලින් තොරව, ස්මාර්ට් තාක්ෂණය මෙලෙස සමීප කරන ඩයලොග්, සියලු පාරිභෝගිකයින්ට සහය සැලසීමේ සුවිශේෂී ඉදිරි පියවරක් කරා Dialog AI සමගින් එළඹෙයි.

පාරි‌භෝගිකයින්ට භාෂා තුනෙන්ම සහය සලසන Dialog AI, වෙනස් භාෂා විලාසයන් හැඳිනගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට සමත් නිසා, AI සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයකුට පහසුවෙන් භාවිත කළ හැකි වේ. ඒ අනුව, විභාග අපේක්ෂකයකුට හා ව්‍යාපාරික යෝජනාවක් සකස් කරන ව්‍යාපාරිකයකුට මෙන්ම, කාලගුණ තත්ත්වය දැනගැනීමට බලාපොරොත්තු වන ගොවියකුට වුවත්, එකසේ සාර්ථක ප්‍රතිචාර එමගින් ලබාගත හැක. එමෙන්ම, ශ්‍රී ලාංකීකයින් Singlish සහ Tanglish වලින් ඉදිරිපත් කරන අදහස් පවා පහසුවෙන් අවබෝධ කරගැනීමට ඊට හැකි වීමෙන්, මෙරටට වඩාත්ම ගැළපෙන AI අත්දැකිමක් සමගින් වඩාත් විශ්වාසදායී AI සහය ලබාදී ශ්‍රී ලාංකිකයින් බලගැන්වීමට Dialog AI සමත් වෙයි. එමෙන්ම මෙය ශ්‍රී ලාංකිකයින් සඳහාම විශේෂයෙන් සකස්කර ඇති විසඳුමක් නිසාම, පාරිභෝගිකයින්ට වඩාත් පෞද්ගලිකකරණය වූ අත්දැකීමක් පිරිනැමීම සඳහා, එක් එක් පාරිභෝගකයින්ගේ වෙනස් භාෂා විලාසයන්ද අනුව ප්‍රතිචාර දැක්විමටද Dialog AI platform එකට හැකියාව පවතී.

ශ්‍රී ලාංකිකයින්ට ඉගෙනීම අතින් හා සෑම දෛනික කටයුත්තක් තුළින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර දීමට සූදානම් Dialog AI මගින්, සිසුන්ට පහසුවෙන්ම තම සටහන් සාරාංශගත කිරීමටත්, තමන්ට අවශ්‍ය ඕනෑම පරිවර්තන කටයුත්තක් පහසුවෙන් සිදුකර ගැනීමටත් හැකි වේ. සිසුන්ට රචනා ලිවීමටද මේ සමග පුහුණුවිය හැකි අතර, ගුරුවරුන්ට භාෂා කිහිපයකින් පවත්වන පන්තිවලට අවශ්‍ය පාඩම් පහසුවෙන් සකස් කරගැනීමටද හැකි වේ. Dialog AI සහය ඇතිව, සිසුන්ට පැහැදිළි කළ යුතු සංකීර්ණ සංකල්ප, මේ සරල කර ගැනීමට හැකිවීමෙන් ගුරුවරුන්ගේ ඉ‌ගැන්වීමේ කාර්යයද වඩාත් පහසු වේ. ප්‍රධාන භාෂා තුන හැරුණු විට, ප්‍රාදේශීය උප භාෂාවන්වලටද සාර්ථකව ප්‍රතිචාර දක්වන Dialog AI, ඩිජිටල් පහසුකම් අඩු දුෂ්කර ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසයෙන් යුතුව තනිව ඉගෙන ගැනීමට බලගන්වයි.

Dialog AI, ශ්‍රී ලාංකිකයින්ට තම ඉගෙනුම් කටයුතුවලින් ඔබ්බට කෘෂිකාර්මික, සංචාරක, සහ කුඩා ව්‍යාපාර ඇතුළු විවිධ අංශවල ශ්‍රී ලාංකිකයන්ට තම ජීවිකාව පවත්වාගෙන යාමටද සහය දක්වන විසඳුමකි. ගොවීන්ට තම වගාවන් සහ පළිබෝධ පාලනය පිළිබඳව සරල ප්‍රශ්නවලට පහසුවෙන් තේරුම් ගත හැකි, කාලෝචිත උපදෙස් ඒ හරහා ලබාගත හැක. ව්‍යවසායකයින්ට සහ කුඩා ව්‍යාපාර හිමියන්ට ඕනෑම ලේඛනයක් පහසුවෙන් සකස් කර ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ, වරක් දෙවරක් Click කිරීම පමණි. සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල නිරත අයටද, මේ හරහා තම වෘත්තීයට අදාළ කටයුතු පහසුවෙන් කරගත හැකි අතර, අලුතෙන්ම සංචාර සැලැස්මක් සකස් කරන පිරිසකට එවැන්නක් සකස් කිරීමට ගතවන්නේද තත්පර කිහිපයක් පමණි. මෙලෙස, Dialog AI ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයින්ට කාර්යක්ෂමව තම වැඩ කටයුතු කරගෙන යාම සඳහා සුවිශේෂී සහය පිරිනමයි.

එපමණක් නොව, පාරිභෝගිකයින් ඇතුළත් කරන තොරතුරුවල පෞද්ගලිකත්වය හා ආරක්ෂාව සලකා ඉහළම ප්‍රමිතීන් අනුව පවත්වාගෙන යන Dialog AI, ශ්‍රී ලංකාවේ AI තාක්ෂණයට නවතම මිණුම් සලකුණු එක්කරන විසඳුමක්ද වෙයි.

පාරිභෝගිකයින්ට ai.dialog.lk වෙත පිවිසීමෙන් අත්හදා බැලීමේ කාල සීමාව පුරා කිසිදු Data ගාස්තුවකින් තොරව, පහසුවෙන්ම AI හි සහය ලබාගත හැකි වේ. වඩාත් උසස් විශේෂාංග සඳහා මෙහි upgrade කළ AI අනුවාදය භාවිත කිරීමටද පාරිභෝගිකයින්ට හැකි අතර, මූලික විශේෂාංගවලට අඛණ්ඩව නොමිලේ පිවිසිය හැක.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා වර්තමානයේ අභීතව පිය නගන අතර, Dialog AI සමග සියලු ශ්‍රී ලාංකිකයින්ට තම කැමැත්ත පරිදි පහසුවෙන්ම, ස්මාර්ට් අනාගතය වැළඳ ගැනීමට අවස්ථාව සලසයි.

Dialog AI සමග ඉගෙනීම, වැඩ කටයුතු කරන ආකාරය පමණක් නොව, ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කරන ආකාරයද යළි අරුත් ගන්වන මෙම පෙරළිකාර හඳුන්වාදීම පළමුව අත්විඳීමට, ඔබත් ai.dialog.lk වෙත පිවිසෙන්න.

World News

Send your contact Details Today