අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ආනයනික ස්ටීල් සහ ඇලුමිනියම් භාණ්ඩ සඳහා සියයට 50% ක බද්දක් පනවා තිබෙනවා.
ඒ අනුව Butter knives / baby strollers / spray deodorants සහ ගිනි නිවන යන්ත්‍ර (fire extinguishers) වැනි දෛනිකව භාවිත වන භාණ්ඩ මෙම නව බද්දට අයත් වනවා.
2018–2019 කාලෙය්දීද ජනපති ට්‍රම්ප් විසින් ස්ටීල් සහ ඇලුමිනියම් ආනයන සඳහා බදු එකතු කර තිබු අතර එහිදී මෙම භාණ්ඩ බදු වලින් නිදහස් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම නව නීතිය අගොස්තු 12 වනදා සිට ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමගින් ආනයනකරුවන්ට දැඩි අලාභ සිදුවන අතර, අදාල භාණ්ඩ ආනයනය කිරීමෙදී අධික ගාස්තු ගෙවීමට සිදුවනවා.
වෙළඳ අමාත්‍යාංශය පවසන්නේ මෙමඟින් ඇමරිකානු ස්ටීල් සහ ඇලුමිනියම් කර්මාන්තය ශක්තිමත් වන බවයි.
අමෙරිකාවට පිටරටින් අඩු මිලට ස්ටීල්, ඇලුමිනියම් ගෙන ඒමෙීදී අමෙරිකාවේ කම්හල් හා කර්මාන්තය පාඩු ලබන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එහෙත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙමගින් ගොඩනැගිලි මෝටර් රථ සහ ඉලෙක්ට්‍රොනික් නිශ්පාදන වලද මිළ ඉහළ යන බවයි.