Latest News

ගාසා නගරය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීම පිළිබඳව ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා නගරය මුලුමනින්ම අල්ලා ගැනීමට සැලසුම් කර ඇති භූමි ප්‍රහාරයක පළමු අදියර මේ වන විට ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඒ අනුව ගාසා නගරයට ආසන්න ප්‍රදේශ දැනටමත් අල්ලාගෙන ඇති බවයි ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර ඇත්තේ.

සී ටවුන් සහ ජබාලියා ප්‍රදේශවල හමුදා මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ගාසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම සඳහා හමුදා සෙබලුන් 60,000ක් යොදවන බව ඊශ්‍රායලය ඊයේ ප්‍රකාශ කළා.

මාස පහක පමණ කාලයක් ඇතුළත ගාසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට සැලසුම් කළ ද එය ඊටත් වඩා අඩු කාලයකින් අවසන් කිරීම සිය අරමුණ වන බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායලය මෙලෙස ගාසා නගරය සම්පූර්ණයෙන්ම අත්අපත් කර ගැනීමට තීරණය කළේ හමාස් සංවිධානය සමඟ පැවති සාම සාකච්ඡා පසුගිය මාසයේදී බිඳ වැටීමෙන් අනතුරුවයි.

World News

Send your contact Details Today