Latest News

DFCC 2025 වසරේ පළමු අර්ධය තුළ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

DFCC බැංකුව 2025 වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා.

DFCC බැංකුව බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 5.5 ක මුදලක් වාර්තා කළ අතර සමස්ථ ණය ලබාදීම්වල මුළු එකතුවෙහි 19% ක වර්ධනයක් හේතුවෙන්, බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 787 දක්වා 12% කින් වර්ධනය වී තිබෙනවා.

ශුද්ධ පොලී ආදායම 11%කින් ඉහළ ගිය අතර, අඩු පොලී අනුපාතයක් පැවති පසුබිමක වුවද විනයානුකූල ණය දීමේ සහ අරමුදල් සම්පාදනය කිරීමේ උපායමාර්ගයන් හරහා පොලී ආදායමෙහි සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

DFCC බැංකුවට අනුබද්ධිත ආයතනයක් වන Acuity Partners හි කොටස් විකිණීමෙන් ලද ලාභය ද ඇතුළත්ව, බදු පසු ලාභය රුපියල් බිලියන 10.5 ක් වුණා.

සමූහයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 15.004ක් ලෙසත්, ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) සියයට 187.47ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) සියයට 112.81ක් ලෙස වාර්තා වුණා.

මෙම අනුපාත නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවතී. අදියර 3 හි අඩමාන ණය අනුපාතය සියයට 4.62 දක්වා වැඩිදියුණුවිය.මේ තුළින්, ශක්තිමත් අයකරගැනීම් ක්‍රමවේදය හා ණය අංශයේ ගුණාත්මකභාවය පිළිබිඹු කරනවා.

මෙම අර්ධ වාර්ෂික කාලය තුළ කොළඹ, ලක්සම්බර්ග් සහ ඉන්දියාවේ GIFT City හි NSE IX හි හරිත බැඳුම්කරයක් ත්‍රිත්ව ලැයිස්තුගත කිරීම, DFCC බැංකුවේ ඉස්ලාමීය බැංකු සේවාවන් හඳුන්වා දීම, කාන්තා බැංකු සේවා අංශය වන DFCC Aloka හි ගනුදෙනුකරුවන් 100,000 ඉක්මවීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන ද සනිටුහන් කළා.

2025 වසරේදී සිය 70 වසරක සේවය සමරන DFCC බැංකුව, තිරසාර වර්ධනය, මුල්‍ය ප්‍රවේශය සහ නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින් සිය ගනුදෙනුකරුවන්ට සහ සමස්ත ආර්ථිකයට සහාය වනවා.

World News

Send your contact Details Today