විශ්මයජනක ජල ක්‍රීඩාවකින් ලෝක වාර්තාවක් බිඳ දැමීමට ඔස්ට්‍රේලියාවේ කුඩා දරුවෙකු සමත් වී තිබෙනවා.
ඒ අනුව එක් බැටරි ආරෝපණයකින් Electric hydrofoil මත වැඩිම දුරක් ගමන් කිරීමේ නව ලෝක වාර්තාව ඔහුට හිමිවුණා.
Malakai Lamby නැමති 15 හැවිරිදි මෙම දරුවා ක්වීන්ස්ලන්ඩ් සන්ෂයින් වෙරළ තීරයේදී එක් බැටරි ආරෝපණයකින් 67km ක් සාගරය මත ගමන් කර මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා.
එය පෙර වාර්තාවට වඩා 20km ක වැඩිවීමක්.
Golden Beach සිට Noosa දක්වා ගමනේ විවිධ අදියරවලදී වෙරළාරක්ෂක ස්වේච්ඡා සේවකයින්, බෝට්ටුකරුවන් සහ සෙසු e-foil ධාවකයින් සහාය දැක්වූ බවයි මලකායි පවසන්නේ.
Malakai ගේ උත්සාහය නිල ගිනස් ලෝක වාර්තාක් නොවූව ද , Flite Australia විසින් එය තනි බැටරි ආරෝපණයකින් ගමන් කළ වැඩිම දුර සඳහා නව ලෝක වාර්තාව ලෙස පිළිගනු ලැබුවා.
Hydrofoiling නව ක්‍රීඩාවක් වන අතර, surfboard වැනි යාත්‍රා මත ගමන් කරන පුද්ගලයින් ඒ සඳහා ක්‍රීඩා කරනවා.
යාත්‍රාව යටින් සවි කර ඇති වක්‍ර, පියාපත් හැඩැති වරලක් මඟින් එහිදී ක්‍රීඩකයාට ජලය මතුපිට ලිස්සා යාමට හැකියි.