Latest News

යුක්‍රේනයට, අමෙරිකානු හමුදාව යැවීම ගැන ට්‍රම්ප් ගත් තීරණය

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට අමෙරිකානු හමුදා යැවීම ප්‍රතික්ෂේප කර තිබෙන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

ඒ රුසියාව සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ආරක්ෂක සහතිකයක් ලබාදීමේ තීරණයට සහාය දැක්වීමක් ලෙසයි.

රුසියාව සමඟ සාම ගිවිසුමක් ක්‍රියාත්මක වන්නේ නම් යුක්‍රේන භූමියේ අමෙරිකානු හමුදා නොතබන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊයේ ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවන අවස්ථාවේ තමා අතරමැදියෙකු නොවීමට අදහස් කර ඇති බවයි.

රුසියානු සහ යුක්‍රේන නායකයින් අතර හමුවක් සඳහා සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව ධවල මන්දිරය පැවසුවද, ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි හමුවීම පිළිබඳ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පැහැදිලි ස්ථාවරයක් නොමැති බවටයි විදෙස් මාධ්‍යා වාර්තා කළේ.

එහෙත් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා පැවැත්වීමට පොරොන්දු වී ඇති බවයි.

World News

Send your contact Details Today