Latest News

අමෙරිකාවෙන් ශිෂ්‍ය වීසා 600ක් ගැන දරුණු තීරණයක් ගනියි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ත්‍යන්තර ශිෂ්‍ය වීසා 6,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව එම දෙපාර්තමේන්තුව BBC වෙත පවසා තිබෙනවා.

ඒ එක්සත් ජනපද නීතිය උල්ලංඝනය කිරීම සහ නීති විරෝධීව රැඳී සිටීම හේතුවෙන්.

උල්ලංඝනය කිරීම්වලින් බහුතරයක් පහරදීම්, මත්පැන්-මත්ද්‍රව්‍ය භාවිතකර රිය පැදවීම් (DUI), සොරකම් සහ ත්‍රස්තවාදයට සහායදීම් බවයි දෙපාර්තමේන්තුව කියා සිටියේ.

“ත්‍රස්තවාදයට සහාය දීම” යන්නෙන් අදහස් කරන්න් කුමක්දැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව නිශ්චිතව දක්වා නොමැති නමුත් ට්‍රම්ප් පරිපාලනය පලස්තීනයට සහාය දක්වමින් විරෝධතා දැක්වූ ඇතැම් සිසුන් ඉලක්ක කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවලංගු කරන ලද ශිෂ්‍ය වීසා 6,000 න්, 4000 ක් visitors law කඩ කළ නිසා අවලංගු කළ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එක්සත් ජනපදය ශිෂ්‍ය වීසා නැවත ආරම්භ කළ නමුත් සමාජ මාධ්‍ය පරීක්ෂාව සම්බන්ධයෙන් කළ නියෝගයෙන් පසු එක්සත් ජනපද විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීම ගැන ‘කණගාටු වන’ බව සිසුන් පවසනවා.

විදේශීය සිසුන් පිළිබඳ දත්ත රැස් කරන ඕපන් ඩෝර්ස් සංවිධානය (Open Doors) පවසන පරිදි, 2023-24 අධ්‍යයන වර්ෂය තුළ රටවල් 210 කට අධික සංඛ්‍යාවක ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1 කට වැඩි පිරිසක් එක්සත් ජනපද විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today