චීනයේ චන්ද්‍රිකා අන්තර්ජාල අඩු කක්ෂීය 09 චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශගත කර තිබෙනවා.
බෙයිජිං වේලාවෙන් ඊයේ (17) 22:15 ට චීනයේ Taiyuan චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March 6 නම් නවීකරණය කළ වාහක රොකට්ටුවෙන් මෙම චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරුණා.
චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වී ඇති අතර අභ්‍යවකාශ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබෙනවා.
මෙය චීනය පැය 24ක් තුළ සිදු කළ දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමයි.
ඊයේ(17) පස්වරුවේ, චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේදී Long March 4C ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් Shiyan-28B 02 නම් චන්ද්‍රිකාව ද සාර්ථකව ගුවන්ගත කෙරිණ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වී තිබෙනවා.
මෙය Long March 6 නැමති නවීකරණය කළ වාහක රොකට්ටුවේ 15වන පියාසැරි මෙහෙයුම මෙන්ම Long March ප්‍රවාහක රොකට්ටුවල 590 වන ගුවන් ගමනයි.