Latest News

ඊශ්‍රායල් – ගාසා යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා මියගිය මාධ්‍යවේදීන් ගැන අනාවරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2023 ඔක්තෝබර් 7 වන දින ආරම්භ වූ ඊශ්‍රායල-ගාසා යුද්ධයෙන් මාධ්‍යවේදීන් 192 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව Committee to Protect Journalists (CPJ) පවසනවා.

ඝාතනය කරන ලද මාධ්‍යවේදීන්ගෙන් අවම වශයෙන් 178 දෙනෙකු ඊශ්‍රායලය විසින් මරා දමනු ලැබූ පලස්තීන ජාතිකයන් බවයි CPJ ඇස්තමේන්තු කර ඇත්තේ.

අගෝස්තු 10 වන ඉරිදා ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිත අහිමි වූ නවතම මාධ්‍ය සාමාජිකයින් අතර ප්‍රමුඛ වාර්තාකරුවෙකු වන අනස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් වුණා.

ප්‍රහාරය එල්ල වන විට ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆල් සහ මෝමන් අලිවා රෝහලේ ප්‍රධාන ගේට්ටුවේ මාධ්‍යවේදීන් සඳහා වූ කූඩාරමක සිටි බව පුවත් ඒජන්සිය පැවසුවා.

පසුගිය වසර දෙක තුළදී ගැටුම්වලින් මිය ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් සහ තොරතුරු පහත පරිදි වනවා…

  1. අනාස් අල් ෂරීෆ් – 2025 අගෝස්තු 10
  2. මොහොමඩ් ක්‍රෙයිකේ – 2025 අගෝස්තු 10
  3. ෆාතිමා හසූනා – 2025 අප්‍රේල් 16
  4. අහමඩ් මන්සූර් – 2025 අප්‍රේල් 07
  5. ෆයිසාල් අබු අල් කුම්සාන් – 2024 දෙසැම්බර් 26  
  6. අයිමන් අල්ජාඩි – 2024 දෙසැම්බර් 26  
  7. ඉබ්‍රාහිම් අල්ෂෙයික් කලීල් – 2024 දෙසැම්බර් 26  
  8. ෆාඩි හසූනා සහ මුහම්මද් අල් ලඩා – 2024 දෙසැම්බර් 26
  9. ඊබ්‍රාහිම් මුහාරෙබ් – 2024 අගෝස්තු 18
  10. ඉස්මයිල් අල් ගුල් සහ රමි අල් රිෆි – 2024 ජූලි 31
  11. හම්සා අල් ඩහ්ඩූ – 2024 ජනවාරි 07
  12. සමෙර් අබු ඩක්කා – 2013 දෙසැම්බර් 15
  13. රෝයි ඉඩාන් – 2023 ඔක්තෝබර් 07
  14. යානිව් සොහාර් – 2023 ඔක්තෝබර් 07

World News

Send your contact Details Today