Latest News

මොළයට ආරක්ෂාව දෙන ලොව ප්‍රථම ඖෂධය නිපදවයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කම්පනයකින් හෝ වෙනත් කම්පන සහගත මොළයේ තුවාලයකින් පසු මොළය ආරක්ෂා කිරීමට නව ඖෂධයක් ලොව ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ, පර්ත්හිදී නිපදවා තිබෙනවා.

ARG-007 ලෙස නම් කර ඇති මෙම ඖෂධය මගින් හිසට පහර දීමෙන් සිදුවන හානිය සීමා කළ හැකි අතර, කම්පන සහගත තුවාලයේ මාරාන්තික බලපෑම් වලින් රෝගීන් බේරා ගනු ලබනවා.

මෙය Neuro-Protective Peptide වන බැවින් ශරීරයට එන්නත් කිරීමෙන් මොළයේ සෛල ආරක්ෂා කරන බවයි පර්යේෂකයන් පවසන්නේ.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ නවතම පූර්ව සායනික අත්හදා බැලීමකදී ඖෂධය ධනාත්මක ප්‍රතිඵල පෙන්වා ඇති අතර එය මොළයේ හානිය අඩු කිරීමට සහ මතක ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සමත් වී තිබෙනවා.

වෛද්‍ය ලිස් ඩැලිමෝර් (Liz Dallimore) සඳහන් කර ඇත්තේ එය එක්-වරක් පමණක් ලබා දෙන පුදුම සහගත ඖෂධ වර්ගයක් බවයි.

කම්පන සහගත මොළයේ තුවාල සහිත රෝගීන් සදහා ඖෂධය අත්හදා බැලීම් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත අතර, ජාතික වශයෙන් රෝහල්වල එය දියත් කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today