Latest News

අමෙරිකානු සහ රුසියානු ජනපතිවරු අතර හමුවේ දී සිදුවුණ දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඇන්කරේජ් හි එක්සත් ජනපද හමුදා කඳවුරකදී හමුවුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය වසර හයකට පසු ඔවුන් මුණගැසුණු පළමු අවස්ථාව බවයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම පැය 3 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡා වලින් අනතුරුව ජනාධිපතිවරුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වූවා.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, සාකච්ඡාවලදී ඔවුන් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකළ බවයි.

එහෙත්, සාකච්ඡා ඵලදායී බවත් එමගින් සාකච්ඡාවල ප්‍රගතියක් අත්කරගත් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

යුක්‍රේන යුද්ධයේ සිට න්‍යෂ්ටික අවි ගිවිසුමක් දක්වා මාතෘකා පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ කිසිඳු විස්තරයක් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර නැහැ.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ නේටෝ නායකයින්ට මේ බව දැනුම් දෙන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එම මාධ්‍ය හමුවේදී රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුක්‍රේනියානුවන් සහ යුරෝපීයයන් සාම ක්‍රියාවලියට බාධා නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

රුසියාවට තමන්ගේම අවශ්‍යතා ඇති බව ට්‍රම්ප් තේරුම් ගත් බවද රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් පිළිබඳ සටන් විරාමයක අරමුණින් අමෙරිකානු ජනපති එම හමුවට එක්වූ නමුත් ඒ පිළිබඳ තීරණයකින් තොරව සාකච්ඡා අවසන් වුණා.

ඊළඟ සාකච්ඡාව රුසියාවේ මොස්කව් නුවරදී පවත්වන ලෙස ද අමෙරිකානු ජනාධිපතිවරයාට රුසියානු ජනපති යෝජනා කර ඇතැයි සඳහන්.

පැය 05ක පමණ කාලයක් රැඳී සිටි රුසියානු ජනාධිපතිවරයා අමෙරිකාවෙන් පිටව යන අකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු ජනාධිපතියවරයාද ඇලෙස්කාවෙන් පිටව ගිය බව සඳහන්.

World News

Send your contact Details Today