Latest News

අමෙ​රිකාවේ හාවන් හිටි හැටියේම විරූපි වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ​රිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල කැළෑ හාවන්ට Shope Papilloma නම් වෛරසය වැළැඳී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් ඔවුන්ගේ මුහුණේ සහ හිසේ අං ආකාරයේ යමක් වර්ධනය වී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා පැවසුවේ.

මේ හේතුවෙන් එවැනි ආසාදිත හාවෙකු දුටුවොත් ඇල්ලීමට යාමෙන් වළකින ලෙසයි එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේවෙතත් මෙම තත්ත්වය අමෙරිකාවේ ගිම්හාන කාලයේදී සිදුවන පොදු තත්ත්වයක් බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

World News

Send your contact Details Today