Latest News

චීනය සහ ඉන්දියාව අතර අලුත්ම එකඟතාවයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් චීනය ඉන්දියාව සමග සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසනවා.

කෙටි දැනුම්දීමකින් චීනය වෙත ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටින ලෙසට ඉන්දීය රජය එරට ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වනවා.

චීනය හා ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 2.8 ඉක්මවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළා.

දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම, දේශසීමා සංචාර, හුවමාරු හා සහයෝගීතාවන්ට එය උපකාරී වනු ඇතැයි චීනය පවසනවා.

දෙරට අතර සබඳතාවන්හි ධනාත්මක තත්ත්වයන් පිළිබඳ සඳහන් කරමින් ලින් ජියන් මහතා පැවසුවේ හවුල්කරුවන් ලෙසට එකිනෙකාට සහයෝගය දැක්වීම දෙරටේ නිවැරදි තේරීම බවයි.

දෙරට නායකයන්ගේ පොදු අවබෝධයන් මත ඉන්දියාව සමග ක්‍රියා කිරීමට චීනය සූදානම් බවද හෙතෙම කියා සිටියා.

World News

Send your contact Details Today