Latest News

ගුවන්ගත වූ විගස මගීන්ගේ ලේ වතුර කළ අත්දැකීමක් ඕස්ට්‍රේලියා ගුවන් යානයකින් වාර්තා වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගුවන්ගත වූ විගස කැබින් පීඩනය අඩු වීමෙන් එම ගුවන් යානයේ ගමන් කළ මගීන් භීතියට පත්වූ පුවතක් වාර්තා වනවා.

මෙසේ හදිසි තත්ත්වයක් හටගෙන තිබුණේ සිඩ්නි සිට බ්‍රිස්බන් දක්වා ගමන් කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් යානයකයි.

අදාළ ගුවන් යානය අඩි 37,000 සිට අඩි 10,000 ට අඩු මට්ටමකට පහත වැටී ඇති බවයි Sky News මාධ්‍ය වාර්තාවේ දැක්වුණේ.

සිඩ්නි සිට බ්‍රිස්බන් දක්වා VA993 යානය ගුවන්ගත වූ විගස කැබින් පීඩනය අඩු වී ඇති අතර මිනිත්තු 40 කට පමණ පසු, ඔක්සිජන් ආවරණ ඉක්මනින් යොදවා යානය හදිසියේම පහත වැටී තිබෙනවා.

ෆ්ලයිට් රේඩාර් හි දත්තවලින් පෙනී ගියේ යානය රාත්‍රී 9 ට පමණ අඩි 37,000 ක උපරිමයකට ළඟා වූ අතර පසුව අඩි 8,775 දක්වා පහතින් පියාසර කර ඇති බවයි.

බ්‍රිස්බන් වෙත ආරක්ෂිතව ගොඩබෑම වෙනුවෙන් ඉතිරි කාලයේ ගුවන් යානය එම මට්ටමෙන්ම පැමිණ ඇති බව සඳහන්.

ලැබී ඇති දර්ශනවලින් පෙන්නුම් කළේ ඔක්සිජන් ආවරණ ඉහළ මැදිරිවලින් එල්ලී ඇති බවත්, ගුවන් සේවිකාවන් මගීන්ව සන්නසුන්ව තබා ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් ගුවන් ගමන අවසානයේ සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට මගීන් ගුවන් සේවිකාවන්ට අත්පොළසන් දී ස්තූති කර තිබෙනවා.

වර්ජින් ඕස්ට්‍රේලියා ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ ගුවන් කාර්ය මණ්ඩලය සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි අනුගමනය කරමින්, අඩු උන්නතාංශයකට බැසීමට සුදුසු පියවර ගෙන ඇති බවයි.

වර්ජින් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව තවමත් ප්‍රමුඛතාවය වන අතර, ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව තත්වය සමාලෝචනය කරමින් සිටින බව එම ප්‍රකාශිකාව සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today