අමෙරිකාව සහ රුසියා ජනපතිවරුන් අතර සාකච්ඡා අද පැවැත්වෙනවා.
මෙම නායකයින් දෙදෙනා අතර හමුවක් සිදු වන්නේ වසර 06 කට පසුවයි.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඇමෙරිකා රුසියා නායක දෙපල අතර හමුව ඇලස්කාවේදී අද පැවැත්වෙනවා.
ඊට පහසුකම් සැලසීම සඳහා දෙපාර්ශ්වයේ නිලධාරීන් මේ වන විටත් ඇලස්කාවට ගොස් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෙරිකා ජනාධිපතිවරයා විශ්වාසය පල කරන්නේ මෙම හමුව අසාර්ථක වීමට ඇති අවස්ථාව 25% ක් බවයි.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට පුටින් එකඟ නොවන්නේ නම් ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇති බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.