Latest News

විද්‍යාඥයින් පිරිසක් විසින් අමෙරිකාවට මෙගා සුනාමි අනතුරු ඇඟවීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (cascadia subduction zone) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ඉදිරි වසර 50 ඇතුළත මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කැලිෆෝනියාවේ සිට වැන්කුවර් දූපත දක්වා සැතපුම් 600ක් පමණ විහිදෙන මෙම කලාපය දැවැන්ත භූකම්පන ඇති කරන කලාපයක් බවයි ඔවුන් පවසා ඇත්තේ.

අදාළ පර්යේෂකයන් පවසන්නේ පැසිෆික් කැස්කැඩියා කලාපයෙන් රික්ටර් මාපකයේ 8.0 හෝ ඊට වැඩි භූමිකම්පාවක් සිදුවීමට 15%ක පමණ සම්භාවිතාවක් තිබෙන බවයි.

එවන් සිදුවීමක් හදිසියේ සිදුවුවහොත් කැස්කැඩියා කලාපය හදිසියේම වෙරළ භූමියේ එකවර ජලයේ ගිලා බැසීමක් සිදුවිය හැකි බවත්, එහි ප්‍රතිබලපෑමෙන් අඩි සිය ගණනක් උස සුනාමි රළක් ජනනය වනු ඇති බවත් අදාළ පර්යේශකයන් විද්‍යඥයන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ මිලියන සංඛ්‍යාත පදිංචිකරුවන්ට පෙර නොවූ විරූ අනතුරටක මුහුණදීමට සිදුවනු ඇති බවත්, එම කලාපයේ පරිසර පද්ධතියේද විශාල වෙනසක් සිදුවනු ඇති බවත් ඔවුන් පවසන්නේ.

එමෙන්ම විද්‍යඥයන් පුරෝකථනය කර ඇත්තේ මෙම මෙගා සුනාමි තත්ත්වය ඇතිවුවහොත් 30,000ක පමණ පිරිසක් මිය යෑ හැකි බවයි.

තවද 170,000ක පමණ ගොඩනැගිලි ඇතුළු දේපොළවලට හානි සිදුවිය හැකි බවද එම විද්‍යාඥයන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ අංශ පෙර සූදානමකින් සිටින්නයැයි Virginia Tech හි විද්‍යාඥයින් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන්නේ.

World News

Send your contact Details Today